සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අලදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිසුවිය ඊයේ (15) සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා කුළුගම්මන ඇය නවාතැන් ගැන සිටි නේවාසිකාගාරය කරා යමින් සිටියදී යටිහලගල හන්දියේදී ඇය පැහැර ගැනීමට තැත් කර ඇති බව සඳහන්.
ඒ අවස්ථාවේදී ඇය සමඟ සිටි තවත් පාසල් සිසුන් දෙදෙනෙකු එය වැළැක්වීමට උත්සාහ කළත් ඔවුන් තල්ලු කර දමා ශිෂ්‍යාව පැහැරගෙන යන අවස්ථාවේදී එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
ඇමතුම ලැබුණ වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වෑන් රථය හඹා ගොස් සැකකරුවන් සහ ඔවුන් පැමිණි වෑන් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කරනවා.