තරුණියක සමූහ දූෂණයට ලක් කළැයි තැපැල් සේවකයෝ සිව් දෙනෙක් සැකපිට අල්ලයි

රුවන්වැල්ල, ඉඹුලාන තැපැල් කාර්යාලවල සේවය කරන සේවකයන් සිව් දෙනෙක් 29 දින අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණියක් සමූහ දූෂණයට ලක් කළ බවට චෝදනා කරමින්.

මව සමඟින් තැපැල් කාර්යාලය වෙත පැමිණි 26 වියැති තරුණියක් හා සුහදත්වයක් ගොඩ නගාගෙන පසුව ඇය නිවසට ගෙන්වාගෙන තිබෙනවා. ඇය පැමිණි පසු ඔහු සිය තැපැල් මිතුරන් තුන්දෙනෙක්ද ගෙන්වාගෙන ඇති අතර සිව්දෙනා විසින් වරින් වර ඇය බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

බිය නිසා තරුණිය මෙය හෙළිදරව් නොකර නිහඬව සිට ඇති අතර ඇගේ සොහොයුරා මේ සම්බන්ධයෙන් හෙළිදරව් කරගෙන ඇගෙන් විමසද්දී ඇය සියලු තොරතුරු පවසා ඇතැයි සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වැඩිදුරටත් ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles