නිදහස ජනතා සභාව හෙවත් ඩලස් අලහප්පෙරුම මන්ත්රීවරයා නායකත්වය දෙන දේශපාලන කණ්ඩායම දෙකඩ වී ඇතැයි වාර්තා වෙනවා. සමගි ජන බලවේගය සමග එක්වීමේ දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් එම කණ්ඩායමේ මත දෙකක් ඇති වී තිබෙන අතර ජී.එල්, ඩිලාන්, නාලක ගොඩහේවා සහ චන්න ජයසුමන යන මන්ත්රීවරු කොන්දේසි විරහිතව සජිත් සමඟ එක් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්වය හමුවේ සමගි ජනබලවේගය හා එක්ව ගමනක් යා යුතු බවට පොදු මතයක් ඔවුන් අතර තිබුණත් ඩලස් ඇතුළු පිරිසගේ මතය වී ඇත්තේ සජබ වෙත වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඒ සමග ඔවුන් හා එක් විය යුතු බවයි.
කෙසේ වෙතත් ජී.එල්. ඇතුළු මන්ත්රීන් සිව්දෙනා ඉතා නුදුරු දිනක සජබ හා එක්වෙනු ඇති. ඍජුව සජබ හා එක්වෙන මේ සතර දෙනාට අමතරව ඩලස් අලහප්පෙරුම මන්ත්රීවරයා සමග තව මන්ත්රීවරු 8ක් රැඳෙනු ඇති.