No menu items!
No menu items!

යුද නැව් හතරක් කොළඹ වරායට

මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

අද (26) උදෑසන එලෙස පැමිණ තිබුණේ මහජන චීන විමුක්ති හමුදාවට අයත් “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව පවසනවා.

Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැවේ කාර්යය මණ්ඩලය 267ක ගෙන් සමන්විතයි.

Landing Platform Dock වර්ගයට අයත් “WUZHISHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 872ක ගෙන් සමන්විත වන අතර “QILIANSHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 334 ක ගෙන් සමන්විත වනවා.

එම නෞකා පුහුණු අභ්‍යාසයකින් අනතුරුව, නිල සංචාරය අවසන් කරමින් අගෝස්තු මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

වේගවත් යුද නෞකාවක් (Destroyer වර්ගයට අයත්) වන මෙය දිගින් මීටර් 163ක් වන අතර එමෙන්ම කාර්යය මණ්ඩලය 410 දෙනෙකුගෙන් සමන්විත යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles