ප්‍රංශ රජය විසින් පලස්තීන ගැති පෙළපාලි සියල්ල තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ ඊයේ(12) දින පැරිසියේ, පලස්තීන ගැති පෙළපාලිකරුවන් 3000ක් පමණ විරෝධතාවල නිරත වීමෙන් අනතුරුවයි
තවද ”Israel murderer” සහ “Palestine will win” යනුවෙන් ප්‍රකාශ කරමින් පලස්තීන ධජය ඔසවමින් පෙළපාලිකරුවන් විරෝධතාව පවත්වා ඇති අතර එම රැළිය විසුරුවා හැරීමට ජල ප්‍රහාර භාවිතා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයන් 10දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර ඉදිරියටත් රජය පනවා ඇති නියෝගය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබෙන්නේ.
එමෙන්ම ප්‍රංශ රජය විසින් නීති කඩ කරන විදේශීය ජාතිකයන් පිටුවහල් කරන බවට ද අනතුරු අඟවා තිබෙනවා.