ලංකාවේ ගවපාලනයට ප්‍රංශයෙන් ලක්ෂ 2500ක්

ප්‍රංශයේ ප්‍රධාන ආධාර ආයතන දෙකක් වන ප්‍රංශ පශු සම්පත් ආයතනය සහ ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය (AFD) ආයතන දෙක එක්ව ශ්‍රී ලංකාවේ කිරි ගව පාලනය වැඩි දියුණු කිරීමට ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව මූලිකව රුපියල් ලක්ෂ 2500ක් ඒ සඳහා ලබා දීමට ඔවුන් කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් අංශය මෙයට පෙර එම ආයතනවලට යෝජනා ඉදිරිපත් කර තිබුණු අතර මෙවර ඔවුන් ඒ සඳහා කැමැත්ත පළ කරමින් මූල්‍ය සහ තාක්ෂණ සහය ලබා දෙනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ධාරිතාවය වර්ධනය, කිරිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, කිරි එළදෙනුන් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම සඳහා එම ආයතන දෙක සහයෝගය පළ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles