කංජිපානි ඉම්රාන්ට ප්‍රංශය පිහිට වෙයි

මෙරට කුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන කංජිපානි ඉම්රාන් වෙත ප්‍රංශය දේශපාලන රැකවරණ ලබා දී ඇතැයි වාර්තා වෙනවා.

ඔහු ජාත්‍යන්තර පොලිසිය විසින් නම් කරන ලද අපරාධකරුවන්ගේ ලැයිස්තුවේද සිටින අයෙක් වන අතර ප්‍රංශය විසින් ජාත්‍යන්තර අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණ ලබා දුන් පළමු අවස්ථාව ලෙස ද මෙය සමහර මාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණා.

2019 වසරේ දී කංජිපානි ඉම්රාන් සහ මධුෂ් ඇතුළු පිරිසක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අතර වසර 3ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. කෙසේ වෙතත් ඇප මත නිදහස් වූ කංජිපානි ඉන්දියාවේ රාමේෂ්වරන් හරහා ඉන්දියාවට පළා ගිය බව ඉන්දීය බුද්ධි අංශ හෙළි කරනු ලැබුවා.

ඉන්දියාව හරහා ප්‍රංශයට පැනගොස් මෙසේ දේශපාලන රැකවරණ ලබාගත් බවයි ආරංචි මාර්ග තොරතුරු වාර්තා කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles