ඉන්දියන් බිත්තර සතොසෙන් ඇති පදමට

අද දිනයේ සිට ආනයනික බිත්තර සතොස අලෙවිසැල් ජාලය හරහා සීමාවකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

එහිදී බිත්තරයක් රුපියල් 43ක මිලකට ලබාගත හැකි බව සතොස ආයතනය සඳහන් කරන අතර අප්‍රේ‍ල් 13 වැනි දින දක්වා මෙම සහනය ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර අලුත් අවුරුදු සමයට පාරිභෝගික ජනතාවට කුකුළු මස් හිඟයකින් තොරව සැපයීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර හා කුකුළු මස් නිෂ්පාදකයන් අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ 12 දා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී කුකුළු මස් නිෂ්පාදකයන් කියා සිටියේ උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1150කට අලෙවි කිරීමට හැකි බවයි.

එමෙන්ම හිඟයකින් තොරව වෙළෙඳපොළට කුකුළු මස් නිකුත් කිරීමට හැකි බව ද ඔවුහු පෙන්වා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles