ඉන්ධන මිල අඩුවෙයි – QR නැතිවෙයි

‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මෙරට තෙල් බෙදා හැරීම ආරම්භ කිරීමත් සමඟ QR කේතය අත්හිටුවීමට හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණයක් ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එසේම ‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ අනුව ‘සිනෝපෙක්’ සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් ඒ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles