නිදහස ජනතා සභාව ඊයේ (16) පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී නිදහස ජනතා සභාවේ මන්ත්‍රී ජී.එල්. පීරිස් පැවසුවේ මැතිවරණ ක්‍රම වෙනස්කම් ආණ්ඩුව යෝජනා කරන්නේ මැතිවරණ භීතිකාව නිසා බවයි.
වර්තමාන පාර්ලිමේන්තුවේ ජනමතය විකෘති වී ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා නව ජනමතයක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසනවා.
ජනාධිපති ධුරය අහෝසි කිරීම සරල ක්‍රියාවලියක් නොවන බවත් එය සංකීර්ණ ක්‍රියාදාමයක් බවත් පවසන පීරිස් මන්ත්‍රීවරයා ආණ්ඩු ක්‍රමය වෙනස් කරනවා නම් අංගසම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් පවසනවා.
වත්මන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොපිළිගන්නා තත්වයකට පත්ව ඇති බවත් එහිදී ඔහු කියා සිටියා.