පොහොට්ටුවෙන් ඉවත් වුණු විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්රීවරුන් නැවත ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ කර ගැනීම ගැන මහින්ද රාජපක්ෂට යෝජනා කිරීමට පොදුජන පෙරමුණු මන්ත්රී කණ්ඩායමක් සූදානමින් සිටින බව වාර්තාවනවා.
මෙම දේශපාලන දීගය සිදු කිරීම සඳහා සුදුසුම හා එක ම මැදිහත්කරුවා වන්නේ මහින්ද රාජපක්ෂ බව ත් එම නිසා මෙම කාර්යය තවත් පමා නොකර කඩිනම් කළ යුතු බවත් මෙම පොදුජන පෙරමුණු මන්ත්රී පිරිස අතර සාකච්ඡා වී ඇති බවයි පැවසෙන්නේ.
මෙම මන්ත්රීවරුන් දෙදෙනා කාලයක් සිට ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කළ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඔවුන් ඇහුම්කන් දෙනු ඇතැයි ද එම මන්ත්රී පිරිසේ මතය වී තිබෙනවා.
මීට අමතරව මෙම මන්ත්රීවරුන් දෙදෙනාගේ කතිකත්වයට හා වාග් ශෛලියට හා ඔවුන්ගේ ප්රචාරක කටයුතුවලට ඇලුම් කරන පොදුජන පෙරමුණු නවක මන්ත්රීවරුන් පිරිසක් සිටින බවයි වාර්තාවන්නේ.