පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගෙන් ප්‍රශ්න කරමින් සිටින පොලීසිය විවිධ අපරාධ සිදුවීම් සම්බන්ධ කරුණු ගණනාවක් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන අතර ඔහු සිදු කළ පුද්ගල ඝාතන 12ක් සහ වෙඩි තබා තුවාළ සිදුකිරීම් 8ක් ද හෙළිදරව් කරගෙන ඇති බවයි, පොලිසිය පවසන්නේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 18 දෙනෙක් මෙරටින් පිටකරගෙන විදේශවල ස්ථානගත කරන්නටද සංජීව සමත්ව ඇති බව පැවසෙනවා. නීතිවිරෝධී ගිනි අවි කිහිපයක්ද සොයා ගැනීමට විමර්ශනවලදී හැකි වුවත් ඔහු විසින් නීතිවිරෝධීව උපයාගෙන ඇති දේපළ සම්බන්ධ කිසිදු තොරතුරක් සොයාගැනීමට මේ වන තෙක් හැකිව නැහැ.