යාල රක්ෂිතයේ පවත්වාගෙන ගිය විශාල ගංජා හේනක් වැටලීමට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍ය බළකාය කටයුතු කර තිබෙනවා.
යාල රක්ෂිත පරිසරයට විශාල හානියක් සිදු කරමින් මෙම ගංජා හේන පවත්වාගෙන ගොස් ඇති අතර, වැටලීමෙන් වියළි ගංජා ගස් 21,260ක් සොයා ගත් බව සහ එහි වටිනාකම රුපියල් ලක්ෂ හැටකට අධික බවයි සඳහන් වන්නේ.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පැන ගොස් ඇති බවත් ඔවුන් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.