ඊශ්‍රායෙලය සහ හමාස් අතර දින 7ක් පුරා තිබු සටන් විරාමය අවසන් වී නැවත සටන් ආරම්භ වී ඇතැයි විදෙස් පුවත් ඒජන්සි සඳහන් කරනවා.
ගාසා තීරයේ සිට ඊශ්‍රායෙලය දෙසට රොකට් ප්‍රහාර එල්ල වී ඇති බවත් ඒවා බිම හෙළා ඇති බවත් කියැවෙනවා.
ඊයේ (30) ගාසාහි රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් සේම ඊශ්‍රායෙල් සිරකඳවුරුවල සිටි පලස්තීනුවන් 240 නිදහස් කර තිබුණා.
ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ පවසන්නේ ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි.