රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද (09) පස්වරුවේ මහනුවර දී පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලි වේදිකාවට එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇය වත්මන් රජයේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසින් කටයුතු කරනු ලබනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂක නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහාය පළකිරීම සඳහා ඇය මෙලෙස සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට ගොඩවීමට තීරණය කර ඇති බවයි.