එන්නතකින් පසු පේරාදෙණිය රෝහලේදීත් තරුණියක් මරුට

නුවන් හෙට්ටිආරච්චි

මහනුවර රෝහලේ දිලීර ආසාදන හේතුවෙන් සිදු වු මරණ සම්බන්ධව පරික්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ් 2026 වන තෙක් NMRA අනුමත බෙහෙතක් වන peritoneal ඩයලිසිස් ද්‍රාවණයෙන් ප්‍රතිකාර කර ඇති වකුගඩු රෝගීන් 07 දෙනෙකු සම්බන්ධවයි.

ඒ සම්බන්ධව පරික්ෂණ සිදු කරන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ එවැනිම ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් තහනම් කළ බවට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

එවැනි මොහොතක පේරාදෙණිය රෝහලෙන් තවත් මරණයක් වාර්තා වෙනවා.

ඒ් උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට පැමිණි 21 හැවිරිදි තරුණියක්.

චමුදි සන්දිපනී මධුෂිකා ජයරත්න නම් එම තරුණිය එන්නත් දෙකක් දීමෙන් පසු මිය ගිය බවයි පේරාදෙණිය රෝහල් පොලිසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles