එළඹෙන 23 වනදායින් පසු දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව බවයි එම නිළධාරීන්ගේ සංගමය පවසන්නේ. එසේම කොළඹ රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියාකලාපයට ද එරෙහිව ද විරෝධය පළ කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ.
ඒ අනුව විරෝධය පළ කරමින් ලබන 23 වනදා සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරිමටයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙන්නේ.
ඊට සමගාමීව එළඹෙන සිකුරාදා(19) දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇති බව ද එම නිළධාරීන්ගේ සංගමය පවසනවා.