2014 වසරේ අප්‍රේල් මස 9 වැනිදා කොළඹ නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළු වී සාපරාධී බලහත්කාරකම් පෑම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයෙක්ව හිඳීම යන චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසකට එරෙහිව නඩු පවරා තිබුණා. අද (11) එම චෝදනා වෙනුවෙන් වරද පිළිගෙන සමථයකට පත් වුණු සැකකාර හිමිනම ඇතුළු පිරිස දඩයකට යටත් කිරීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.
මෙහිදී පැමිණිලි පාර්ශ්වයට රුපියල් ලක්ෂ 3ක් ගෙවීමට ඥානසාර හිමි ඇතුළු විත්ති පාර්ශ්වයය නියෝග කෙරුණා. වරද පිළිගැනීම හේතුවෙන් අනෙක් චෝදනා කිහිපයකට අවවාද සහ මෙලෙස දඩ මුදල් නියම කර තිබෙන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.
එම දිනයේ සිදුවීමට අදාළ වීඩියෝව පහතින්,