ඥානසාර හිමිට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් ලබා දී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති බව වාර්තා වෙනවා.

ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධිචෝදනා දෙකටම වරදකරු කරමින්.

2016 වසරේ කොළඹ දී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මඟින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කර මෙම නඩුව විභාග කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles