ඥානසාර හිමිගේ ප්‍රකාශ බොරු: සිරිල් ගාමිණී පියතුමා

බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය දා කරන ලද ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදනය කරනවා.

ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටු ප්‍රධානී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනම කියා සිටියේ ඥානසාර හිමි සමග 2014 වසරේ හමුවක් සිදුවුවත් එහිදී කළ බව කියන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හසීම් සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශ කිසිවක් එහිදී ඥානසාර හිමියන් සිදු නොකළ බවයි පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මෙම ප්‍රකාශ පොදුජනයා අතර ප්‍රශ්න ඇති කළ හැකි බවත්, ඒවායෙන් අගරදගුරු හිමියන්ට අයහපත් බලපෑම් ඇති කළ හැකි බවත් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles