කැළණි රන් පිවිසුම නමින් 2021 වසරේ විවෘත කළ පාලමේ විදුලි බල්බ සහ උපාංග සොරකම් කිරීම හේතුවෙන් එහි අලෝකය නැති වී තිබෙනවා. මෙය කොළඹ වාණිජ නගරයට ඇතුළුවන පිවිසුම ලෙස ඉතා අලංකාර ලෙස විදුලි පහනින් සරසමින් තිබුණු අතර දැන් එය අක්‍රීය වී තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතර එම සොරකම් සහ හානි හේතුවෙන් වී ඇති අලාභය මිලියන 270ක් බව පැවසුවා.
මෙයට අමතරව කටුනායක, මධ්‍යම සහ දක්ෂිණ අධිවේගී මාරගවලද මෙවැනි සොරකම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙවැනි සොරකම් සිදුවන විට 1969 ක්ෂණික අංකයට දැනුම් දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.