මෙරට රත්රන් වෙළඳපොලෙහි සටහන් වන රන් මිලට අනුව අද (21) දිනයේ කැරට් 22 රන් පවුම රු.180,300.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 196,000.00ක් ලෙස සටහන් වෙනවා.
ඒ අනුව පසුගිය දින කිහිපයේ රන් මිල පසුගිය මාසයට සාපේක්ෂව රුපියල් 20000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මැද පෙරදිග කලාපයේ මතු වී ඇති යුද උණුසුම් තත්වය මේ රන් මිල ඉහළ යෑම කෙරෙහි බලපා ඇති බව විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරනවා.