මේ දෙසැම්බර් මස මෙරටට ඩොලර් බිලියන 780ක මුදලක් හෙවත් රුපියල් බිලියන 257ක මුදලක් ලැබීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග විශ්වාසය පළ කරනවා.
දේශීය-විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඔවුන් එකඟතාවය පළ කිරීම මෙයට හේතුවයි.
ණය සහන කාලයක් ලබා දීමට මෙන්ම ණය සහ පොලිය ගෙවීමේ කාලය දිගු කිරීමටත් ණය පොලිය යම් ප්‍රමාණයක් කපා දැමීමටත් තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජා.මූ. අරමුදල ලංකාවට පිරිනමන දෙවෙනි ණය වාරිකය වන ඩොලර් මිලියන 330ක මුදල ලබන සති දෙක තුළ නිදහස් වෙනවා. එමෙන්ම ලෝක බැංකුවෙන්ද ඩොලර් මිලියන 250ක් නිදහස් කරන බවයි දැනගැනීමට ඇත්තේ