ජන හදවත් දිනූ ගායක චාමර වීරසිංහ පසුගිය දෙසැම්බර් මස මැද කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබුවේ නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් දැඩි සේ රෝගාතුර වීම නිසාවෙන්.
මේ නිසා සුවහසක් ඔහුගේ රසිකයන් මහත් කම්පාවට පත් වුණා.
මාස එකහමාරක් පමණ ගත වෙන තැන ඔහු රෝහලෙන් පිටව ගොස් ඇත්තේ සුවපත් වීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් ඔහුට නිවසේ සිට විවේක ගැනීම නිර්දේශ කර තිබෙනවා. ගීත ගායනයද මාස කිහිපයකට අත්හිටුවීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ.
චාමර වීරසිංහ ශල්‍යකර්ම දෙකකටද භාජනය කර ඇති බව වාර්තා වුණා.
ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පහතින්,
“දැන් මගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත්, අසනීප තත්වය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ මොහොතේ සිට මේ දක්වා ප්‍රතිකාර ලබා දුන් සියලු වෛද්‍යවරුන්ටත්, රෝහල් කාර්යමණ්ඩලයේ සැමටත්,
බෝධි පූජා පවත්වමින්, ආගමික වතාවත් සිදුකරමින් ඔහු වෙනුවෙන් ආශීර්වාද කරන ලද ගරුතර ස්වාමීන්වහන්සේලා සියලුදෙනාටත්, පූජකතුමන්ලා සැමටත්, සියලුම දෙස්/විදෙස් ආදරණීය රසිකයින් සැමටත් ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරන අතර,වෛද්‍ය උපදෙස් අනුව සුළු කාලයක් විවේක සුවයෙන් ගත කිරීම අත්‍යාවශ්‍ය බව පවසා ඇති බැවින්, ඒ සඳහා ඉදිරියේදී විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් දැනුම් දෙන ලදී”
දලදා සමිදු පිහිටයි ඔබට🙏🙏❤❤