රජයේ සේවකයන්ට සුබ ආරංචියක් : වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි !

මුදල් ඇමැතිවරයා ලෙස ජනපතිවරයා විසින් නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී අය-වැයක් වෙනුවට අතුරු සම්මත ගිණුමක් මෙම මාසයේදී ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වෙනවා.

2025 වර්ෂයේ අප්‍රේල් දක්වා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙය ඉදිරිපත් කරන අතර පසුව 2025 වසර සඳහා අය-වැය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් භාණ්ඩාගාර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මුදල් අමාත්‍යංශ්‍ය අතුරු සම්මත ගිණුම මේ වන විට සකස් කරමින් සිටින බවයි.

එමෙන්ම අතුරු සම්මත ගිණුමෙන් රජයේ සේවක වැටුප් වැඩි නොවෙතත්, අය-වැය තුළින් රු.6500-7500 දක්වා වැටුප් වැඩිකිරීමක් සැලසුම් කෙරෙන බවත් වාර්තා වෙනවා.

භාණ්ඩාගාරයට අනවශ්‍ය බරක් නොවන පරිදි එය සිදුකිරීමට උත්සාහ කරන බවත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුව තිබෙන බවත් රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් දැනුම් දෙනවා.

මෙම මුදලට වඩා ප්‍රමාණයකින් වැටුප් වැඩි කරන්නේ නම් එකතු කළ අගය මත වන බද්ද (VAT) තවත් ඉහළ දැමීමට සිදුවන බවද සඳහන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles