ශ්‍රී ලංකාවට ණය ලබා දුන් රටවල් ණය සහනයක් ලබාදීමට සහ ණය ආපසු ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීමට එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත ණය ලබා ගැනීමටත් සිදුවුණ අතර පැවති අර්බුදය හමුවේ ණය තවමත් නොගෙවමින් සිටින ශ්‍රී ලාංකිකයන්ට මේ වන විට මෙම විදෙස් රටවලින් ලබාදෙන සහයෝගය ඉතා වැදගත් වන බවයි එම මාධ්‍ය පවසන්නේ.
මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාරවරභාවය පිළිබදව යම් සුබදායක තත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි ආර්ථික විචාරකයන් අදහස් පළ කර තිබෙන්නේ.