Gmail ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්!

භාවිතයට නොගන්නා gmail ගිණුම් මිලියන ගණනක් ලබන මාසයේ දී අක්‍රීය කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

වසර ගණනාවක සිට අක්‍රීයව පවතින Gmail ගිණුම් අක්‍රීය කිරීමේ අවදානමක් ඇති බවයි වාර්තා වන්නේ. Gmail ගිණුමක් අවම වශයෙන් වසර 2ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් ද අදාළ පියවර යටතේ ඉවත් කිරීම සිදුකරන බව google සමාගම පවසනවා.

මේ හේතුවෙන් Google ගිණුමක් සක්‍රීයව තබා ගැනීමට ඇති සරලම ක්‍රමය වන්නේ අවම වශයෙන් වසර දෙකකට වරක්වත් එය භාවිතා කිරීමයි.

කෙසේ වෙතත්, මෑතක දී Google ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණය වී ඇති ගිණුම් සක්‍රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවෙන බව වැඩිදුරටත් පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles