ගෝඨාභය රාජපක්ෂ රජය කඩාවැටීම ආරම්භ වූයේ තමාවත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාවත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව බවත් වර්තමාන රජයේ කඩා වැටීම ඊයේ ආරම්භ වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (28) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඊයේ ක්‍රීඩා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ආණ්ඩුවෙන් ඉවත් කිරීම නිසා මෙම රජය ද කඩා වැටීම ඇරඹුණු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ජනපති රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමාට හූනා කිව්වා සේ කිව හැකි යැයිද ඔහු කියා සිටියා.