ගෝඨාගේ පොතට ඉහළ අලෙවියක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමැති ග්‍රන්ථයේ පළමු මුද්‍රණයේ විශාල තොගයක් ඊයේ (7) සම්පූර්ණයෙන්ම විකිණී අවසන්වූ බව විජිත යාපා පොත් ප්‍රකාශන ආයතනයේ සභාපති විජිත යාපා පවසා තිබෙනවා.

විවිධ තරාතිරම්වල පුද්ගලයන් තම පොත්හල්වලින් එම ග්‍රන්ථය මිලදී ගත් බවත් ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් බවයි ඔහු සඳහන් කළේ.

මෙම පොත මිලදී ගැනීමට දිවයින පුරා පොත්හල්වලින් විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවත් එම ග්‍රන්ථය මුද්‍රණය කෙරුණු තවත් පොත් තොගයක් බෙදා හැරීම සඳහා අද(8) රැගෙන එන බවද ප්‍රකාශ කළ විජිත යාපා වැඩිදුරටත් සඳහන් කරනවා.

“මෙම පොතට ලොකු ඉල්ලුමක් තිබෙනවා මෙන් ම හිතුවට වඩා වේගයෙන් විකිණෙනවා.” ඔහු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles