දේශීය මධ්‍යසාර පාන නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන තීරුබදු රහිත පරිශ්‍රවල විකිණීමට අවසර දීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන මධ්‍යසාර, පාන වර්ග තීරු බදු රහිත පරිශ්‍රවල කවුන්ටරවල තැබීමට අවශ්‍ය අනුමැතිය සහ අවශ්‍ය නීති සංශෝධන සිදු කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
“අනෙක් සෑම රටකම ඔවුන්ගේ නිෂ්පාදන මෙම පරිශ්‍රවල තිබෙන බවත් මෙය අපි ආරම්භ කළ යුතු බවත් 23 වැනි අපනයනකරුවන්ගේ සංසදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවට පවසන්නේ අවශ්‍ය නිර්දේශ දැනටමත් මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බවයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.