වතුකම්කරු වැටුප ගැන ආණ්ඩුව – සමාගම් ගැටුමක්

තේ සහ රබර් කර්මාන්තයේ කම්කරුවන් සඳහා දිනකට රුපියල් 1700ක වැටුපක් ලබා දෙන්නැයි ආණ්ඩුව කරන යෝජනාව වතු සමාගම් තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා.

එවැනි විශාල මුදලක් ගෙවීම වතු සමාගම්වලට දරාගත නොහැකි බවයි වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ.

තම සමාගම් ආර්ථිකයන් කඩා වැටෙමින් ඇති බව පවසන ඔවුන් ආණ්ඩුවේ යෝජනාවෙන් වැටුප් සඳහා අලුතෙන් රුපියල් කෝටි 3500ක් වැය වන බවත් එය කිසිසේත් දරාගත නොහැකි බවත් පවසනවා.

ජනපතිවරයා විසින් මීට පෙරද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වතු කම්කරු දෛනික වැටුප් රු. 1700ක් දක්වා ඉහළ නංවනු ලැබුවා. පසුව කම්කරු ඇමැති මනූෂ නානායක්කාර විසින්ද පසුගිය 21 වැනිදා වැටුප් වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එහෙත් වතු සමාගම් ආණ්ඩුවේ යෝජනාවට එකඟතාවකට පැමිණ නැති බැවින් යෝජනාව ක්‍රියාත්මක වන්නේ නැහැ. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මේ සා විශාල ආර්ථික අර්බුදයකින් සහ උද්ධමනය ඉහළ යාමකින් පසුවත් වතු කම්කරුවන්ට යෝජනා කර ඇති 1700 සුළු මුදලක් බවයි. එයද ගෙවීමට නොහැකි නම් එය කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක් වන බවයි වෘත්තීය සමිති නායකයන් කියා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles