මැතිවරණ වැඩවලට‌ රජයේ තානායම් ගන්න බැහැ

රජය සහ රාජ්‍ය ආයතන සතු සංචාරක නිවාස, තානායම් සහ නිවාඩු නිකේතන යනාදිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින කිසිදු දේශපාලඥයෙකුට නිලධාරියෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට ඡන්ද කාලයේදී ලබාදීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ආයතන ප්‍රධානීන්ට විශේෂ නිවේදනයක් යවමින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම එවැනි ස්ථානවල නවාතැන් ගන්නා පුද්ගලයන්ට දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු වල නිරතවීමට ඉඩ නොදිය යුතු බවද එම නිවේදනයෙහි සඳහන් වෙනවා.

රජය සතු ගොඩනැගිලි සහ ඒවා පිහිටි භූමිවල දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සහ පෝස්ටර් සහ කටවුට් යනාදිය ප්‍රදර්ශනය කිරීමට හෝ ගබඩා කිරීමට ඉඩ නොදිය යුතු බවයි අදාළ නිවේදනයෙහි දැක්වෙන්නේ.

තවද දේශපාන අයිතිවාසිකම් අහිමි නිලධාරීන් නිවාඩු ලබාගෙන හෝ කිසිදු දේශපාලනමය කාර්යයක නිරත නොවිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව ආයතන ප්‍රධානීන්ට යැවූ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles