වාහන ආනයනය සඳහා පනවා තිබු ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන් රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී තිබෙනවා.
ඒ පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන සඳහායි.එසේම සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන විශ්‍රාමිකයන් සඳහා සංක්‍රමණික දීමනාව ඇමරිකානු ඩොලර් 30000සිට 50000 ක උපරිමය දක්වා වැඩි කෙරෙන බව ද එම කාරක සභාවට මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන් පෙන්වා දෙනවා.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (5) පැවැත්වූ අතර අංක 2341/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි පිළිබදව අවධානය යොමු කළ කමිටුව ඊට අනුමතිය ලබා දී තිබෙනවා.