විශ්‍රාමික වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
රට තුළ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍ය රඹුක්වැල්ල ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
නැවත කැඳවනු ලබන විශ්‍රාමික වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත සෞඛ්‍ය ක්ෂේත්රයට ඇතුළත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ පිරිසක් රට හැර යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බැවින් මෙම පියවර ගැනීමට සිදුව තිබෙනවා.
වෛද්‍යවරුන් විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් රටේ රෝහල් කිහිපයකට බරපතළ ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙනවා.