කීරි සම්බා ආනයනයෙන් රජය ඉවත් වෙයි : කරන්න යන දේ මෙන්න

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඔහු කියාසිටියේ, රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයතු සඳහා විශාල කාලයක් වැය වන බැවින් මෙම තීරණය ගත් බවයි.

සහල් මිල ඉහළ යාමත් සමඟ කීරි සම්බා ආනයනයට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ යටතේ සම්බා මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා.

නමුත් එම ක්‍රියාවලිය මෙතෙක් අවසන්ව නැහැ.

පෞද්ගලික අංශයට සම්බා ආනයනට අවසර දීමත් සමඟ කඩිනමින් එම තොග දිවයිනට ලැබෙනු ඇති බවයි වෙළෙඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles