හයිටි රාජ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අත්කර ගැනීමේ උත්සාහක නිරත වී තිබෙනවා.
මෙම ආක්‍රමණය සිදු වී ඇත්තේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පසුගියදා එරට විශාලතම බන්ධනාගාර දෙකකට කඩා වැදී එහි සිරකරුවන් හාරදහසකට අධික පිරිසක් නිදහස් කරගැනීමෙන් පැය කිහිපයකට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හයිටි රාජ්‍යයේ උද්ගත වී ඇති තත්ත්වය මත පැය 72ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙන අතර ගුවන් තොටුපොළ ආසන්නයේදී ආයුධ සන්නද්ධ කණ්ඩායම් සහ එරට හමුදාව අතර දරුණු වෙඩි ප්‍රහාර හුවමාරු වූ බවයි වාර්තා වෙන්නේ.
ඒ මොහොතේ ගුවන් ගමන් අවලංගු කර ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත් බවත් දරුණු ලෙස පැතිරී යන ගැටුම් මධ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට පෝර්ටු ප්‍රින්ස් අගනුවර බලය තහවුරු කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
තත්ත්වය පාලනය කිරීමට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනැවීමට රජය පියවර ගෙන තිබෙන අතර ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ මළසිරුරු ඊයේ (05) වන විට හයිටි අගනුවර වීදි පුරා විසිරී තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රටේ තත්ත්වය පාලනය කරගැනීමට හයිටි රජය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඉල්ලා ඇති අතර, අගමැති ඒරියල් හෙන්රි කෙන්යාවට පළා ගොස් තිබෙනවා.