හමාස් නායක “හනියේ ” මරුට

පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ දී ඝාතනය කර ඇති බව එම සංවිධානය පවසනවා.

ඉරාන අගනුවර, ටෙහෙරාන් හි හමාස් නායකයා නැවතී සිටි නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හමාස් සංවිධානය චෝදනා කරන්නේ ඊශ්‍රායලය විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

නමුත් ඊශ්‍රායලය එම චෝදනාව සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන් ගේ පදවි ප්‍රාප්තියට ඊයේ (30) හනියේ එක්වී සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනිව ද හමුවී තිබුණා.

ප්‍රහාරය හේතුවෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මියගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles