හමාස් සංවිධානයේ සියලු සාමාජිකයන් සමූලඝාතනය කර ගාසා තීරය ඔවුන්ගෙන් නිදහස් කරගන්නා බව ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
‘හමාස් කියන්නේ ගාසා තීරයේ ත්‍රස්තවාදීන්. ඔවුන් සහ අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ වෙනසක් නැහැ. ලෝකය අයි.එස්. සංවිධානය විනාශ කළ ආකාරයට අපි හමාස් සංවිධානය විනාශ කරනවා. සියලුම හමාස් සාමාජිකයන්ට මැරෙන්න වෙනවා’ යනුවෙන් ඔහු සිය ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.
විපක්ෂ කණ්ඩායම් සමඟ එක්ව ඒකීය රජයක් පිහිටුවාගත් නෙතන්යාහු යුද්ධය අවසානයක් දක්වා ගෙන යන බවට ප්‍රතිඥා දුන්නා.