“හරක් කටා” ගේ මස්සිනාත් ඩුබායි සිට කුදලගෙන එයි

පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් නැමැත්තා ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක්, සැකකරුව රැගෙන ඒම සඳහා ඩුබායි බලා පිටත්ව ගියේ ඊයේ (30) දිනයේදියි.

පසුගියදා හරක් කටා හෙවත් නදුන් චින්තක ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමට සැලසුම් කළ පුද්ගලයා ලෙසටද මිදිගම රුවන් ව සැක කරනවා.

ඩුබායි හී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය විසින් මීට මාස දෙකකට පමණ පෙර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

මිදිගම රුවන්, පාතාල නායකයෙකු වන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මස්සිනාද වෙනවා.

කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආ මිදිගම රුවන් නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා විශේෂ රැකවල් යටතේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles