මැයි දිනයට පෙර බොහෝ දුරට තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ලැබෙනු ඇති බව සංචාරක හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු සඳහන් කරනවා.
මැයි දින සංවිධායක ධුරයද තමන්ට ලැබෙනු ඇතැයි කී හරීන් මැයි රැළියට එන අය ප්‍රවාහනය සඳහා එක්සත් ජාතික පක්ෂ ලංගම බස් ලබා ගත හැකි බවත් ඒවාට සිරිකොතෙන් මුදල් ගෙවන බවත් කියා සිටියා. ලෝකෙ මාස 18ක් තුළ බංකොලොත් වූ රටක් ගොඩ ගත් එකම අවස්ථාව මෙරට සිදු කළ බවද ඔහු කියා සිටියා.
මැයි දින රැලිය වෙනුවෙන් සංවිධානය කළ ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.