හරීන්ට ජනපති ළඟම තනතුරක්

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට හරීන් ප්‍රනාන්දුව පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ලිපිය ඉකුත් 16වෙනිදා දිනැතිව හරීන් ප්‍රනාන්දු වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුගියදා ලබාදුන් අධිකරණ තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර අමාත්‍යවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි වූ අතර ඒ අනුව ඔවුන් එවකට දරමින් සිටි අමාත්‍ය ධුරද අහෝසි වුණා.

එම පුරප්පාඩු වූ අමාත්‍ය ධුර ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් ගැසට් පත්‍රයක් ද නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles