ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් වීරවංශ අද (20) දා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවා.
ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ එම ප්‍රකාශය ආණ්ඩුවේ නිලමතයට ද නැතිනම් ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළි කළ යුතු බවයි.
තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි පෞද්ගලික මතයක් දැරීමට ඔහුට ඇති අයිතිය කුමක්දැයි යන්න මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රශ්න කර තිබෙනවා.
ඔහුගේ එම ප්‍රශ්න කිරීමට අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන අය සඳහන් කර සිටින්නේ අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වටහා ගත් පසු එහි පැහැදිලි වන්නේ ඉන්දියාව ලංකාව අතර ඓතිහාසික සබඳතාව පෙන්වා ලංකාවට පැමිණීමට ආරාධනා කළ කතාවක් බවයි.
තවද සමාජ මාධ්‍යයෙන් එම කතාව වචන එකතු කර, කපා විකෘති කර ඇති බවත් එම සම්පූර්ණ කතාව ඇසුවේ නම් ගැටලුව නිවැරදි කරගැනීමට පුළුවන් බවත් මෙය කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශයක් නොවන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර තිබෙනවා.