කෙහෙළිය රඹුක්වැල්ලට අල්ලස් නඩුවක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද අද (21) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා.

ඒ ඔවුන් දෙදෙනා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබු නඩුවක් වෙනුවෙන්.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පුද්ගලික ජංගම දුරකතනයේ බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල් වලින් ගෙවීමට එරෙහිවයි මෙම නඩුව ගොනුකර තිබෙන්නේ.

කොළඹ මහාධිකරණයේ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව අද කැඳවනු ලැබු අතර එහිදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියා.

මූලික විරෝධතාවට අදාළ පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා අල්ලස් කොමිසමට කල් ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත සැප්තැම්බර් මස 20 වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles