පෙමක් නිසා වුණ හදිය: හිමි නම කොස්තාපල්ගේ ගෙල පිහියෙන් කපයි

දෙනියාය පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයෙකු මේ සිද්ධියේ කතානායකයා. ඔහු දෙනියාය ප්‍රදේශයේ ම කටුවන, උඩගොමඩිය පැත්තේ පදිංචිකරුවෙක්. ඒ වගේම විවාහකයෙක්.

මේ කොස්තාපල්වරයා මේ අතර හිරිමල් යෞවනියක් එක්ක පෙම් සබඳතාවක් ඇති කරගන්නවා. ඇය එක්ක පෙම් සුව විඳින්න ඇගේ නිවසටම යන එක පොලිස් කොස්තාපල්වරයා වන ධනුෂ්කගෙ පුරුද්දක්. කොහොම වුණත් අවුරුදු 20ක්වත් නැති යුවතිය තමන්ට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල් පොලිස් නිලධාරියා එක්ක පෙමින් වෙළිලා තමා හිටියෙ. ආරංචි වෙන විදිහට මේක නවතන්න ඇගේ සහෝදරය හිමිනම බොහොම උත්සාහ අරන් තියනවා. පොලිස් හයිය නිසාද මන්දා ගෙදරටම ගිහින් මේ යුවතිය හමුවෙන්න පෙම්සුව විඳින්න ධනුෂ්ක කටයුතු කරලා තියනවා.

ඊයේ (16)ත් ඔහු යුවතියගෙ ගෙදරට ගිහින් ඉද්දි ඇගේ සොහොයුරා වන 17 වියැති හිමනම ධනුෂ්කට කෝල් කරලා කියනවා පල්ලේගම සම්බෝධි වැඩිහිටි නිවාසය ගාවට එන්න කියලා. ඔහුත් මොන හේතුවක් නිසා හරි එතනට යනවා. එතනදි ඇතිවුණ සිද්ධියෙදි සඟවගෙන හිටපු පිහියක් අරන් ධනුෂ්කගෙ ගෙල කපන්න මේ හිමිනම පසුබට වෙලා නෑ. මේ නිසාවෙන් බරපතළ තුවාල ලබපු ධනුෂ්ක කියන කොස්තාපල්වරයා රෝහලට ඇතුළත් කරලා තියනවා.

සැකකාර හිමිනම අත්අඩංගුවට අරගෙන. ඔහුත් බාලවයස්කාරයෙක් බවයි ආරංචි වෙන්නෙ. කොහොම වුණත් පොලිස් නිලධාරියගෙ ජීවිතය අනතුරුදායක තත්වයක තියනවා කියලා තමා දැනගන්න තියන්නෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles