ඉන්දීය අමුල් සමාගම විසින් මෙරට කිරි නිෂ්පාදනය සඳහා මැදිහත්ව ආයෝජනය කිරීමට සූදානම් වීම සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දැඩි ලෙස චෝදනා එල්ල කර තිබෙනවා.
කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සහ කිරි මධ්‍යස්ථාන රැසක් ඉන්දියාවේ අමුල් සමාගමට ඉතා අඩු මිලට විකිණීමට සූදානම් බවත් මේ වන විට අමුල් සමාගම අදාළ ඉඩම් හඳුනාගැනීම සඳහා පැමිණ සිටින බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා.
ඒ අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ අමුල් සමාගමේ ප්‍රධානින් හමුවී ඇති අතර ශ්‍රී ලංකාවේ සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් අමුල් සමාගම විසින් ඔවුන්ට තම අදහස් ඉදිරිපත් කරගෙන ඇති අතර නියෝජිත කණ්ඩායමද ඔවුන්ගේ අදහස් හා ගැටලු පෙන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් නාමල් කරුණාරත්න ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ කටයුත්ත වහා නවත්වන ලෙසයි.