උපුල් ශාන්ත සන්නස්ගල සමඟ අන්තර්ජාල නාලිකාවක පැවැත්වූ සාකච්ඡාවට සහභාගි වූයේ ගංජා භාවිතා කිරිමෙන් පසු බව විශ්වබුද්ධා නමින් හදුන්වන පුද්ගලයා අධිකරණයේදී පවසා තිබනෙවා.
ඇප කොන්දේසි කඩ කර යළි අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කරුණු අධිකරණය ඉදිරිපත් කළ බවයි සඳහන් වන්නේ.
බුදු දහමට සහ සංඝ ශාසනයට අපහාසවන ආකාරයේ ප්රකාශ සිදුකිරීමේ චෝදනා එල්ල වී සිටින මෙම සැකකරු අධිකරණයෙන් ඇප මත මුදා හැර සිටියදී, ඔහු යළි එම වරදම අඛණ්ඩව සිදුකර ඇති අතර උපුල් ශාන්ත සන්නස්ගල සමඟ පැවති සාකච්ඡාවට පසු දිනයේ ද මොහු විසින්ම යළිත් වීඩියෝවක් පළ කර ඇත්තේ එම අදාළ වැඩසටහනට සහභාගි වීමට පෙර ගංජා භාවිතා කළ බව පවසමින් යැ යි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.