ශ්‍රී ලංකාවේ දැනට මතුව තිබෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා. එළැඹෙන සැප්තැම්බරයේ පැවැත්වෙන සැසිවාරය දැනුවත් කිරීම පිණිස විපක්ෂ මන්ත්‍රීවරු ඊට සහභාගි වන බවයි දැනගැනීමට ඇත්තේ.
ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය නිසා නිතර සිදුවන මරණ, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් රට හැර යෑම ආදී මේ වන විට ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ට දැනුම් දීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.
මෙහි මුල් පියවරක් ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් ඊයේ (22) එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වෙත ලිපියක් බාර දුන්නා. මෙරට දැනට පැන නැගී තිබෙන සෞඛ්‍ය අර්බුදය විසඳීමට රජයට බලපෑම් කරන ලෙස මෙයින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා තිබෙනවා.