සෞඛ්‍යය : කෙහෙළියගේ තීරණාත්මක තීරණ!

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳපොළකට පිවිසීමට ඉඩ සැලසෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම විද්‍යා විෂය ධාරාව පමණක් නොව සියලුම විෂය ධාරාවන් හැදෑරූ සිසුන්ට හෙද වෘත්තීය විවෘත කිරීමට ද තමා අදහස් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

තවද ශ්‍රී ලංකාව තුළ ඖෂධ පරීක්ෂාව සඳහා ‘Benchmark 4’ නම් ලොව ඉහළම පිළිගැනීමක් ඇති නවීන රසායනාගාර පහසුකම් මෙරට තුළ ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles