සෞඛ්‍ය ඇමැතිකම මන්ත්‍රීවරියකට?

පාර්ලිමෙන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය තනතුරක් දරන මන්ත්‍රිනියකට සෞඛ්‍ය අංශයේ අධීක්ෂණ වගකීමක් පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ වත්මන් සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කිරීමට ආණ්ඩු තීරණය කිරීමත් සමඟ එම ඇමැති ධූරය ලබාගැනීමට ඇති වී ඇති දේශපාලන පොරයත් සමඟයි.

ඒ අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය තනතුර ආරක්ෂා කර ගැනීම පිණිස විශේෂ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබෙන්නේ ඔහුගේ අමාත්‍යධුරය ඉවත් කිරීමට ආණ්ඩු තීරණය කර ඇති පසුබිමක බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වුවද පැවති ආණ්ඩුවල සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් දැරූ විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු බව කියන ආචාර්යවරයකුද විපක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුද දැනටමත් නිල නොවන මට්ටමින් සෞඛ්‍ය අමාත්‍ය ධූරය තමන්ට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ද තිබෙනවා.

නමුත් ජනාධිපති මේ දෙදෙනාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles