සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් ක්‍රියාමත්ක කරමින් තිබූ වැඩ වර්ජනය අද උදෑසන 6.30 සිට අවසන් කිරීමට එම සන්ධානය තීරණය කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා නැවත සාකච්ඡාවක් ලබා දීමට දුන් පොරොන්දුවත් සමගයි. මේ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ලිඛිතව දැනුම් දුන් බවයි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පවසන්නේ.
එම සාකච්ඡාව ලබන සඳුදා 19 දින සිදු කිරීමට නියමිත අතර වෘත්තීය ක්‍රියාමාර්ගය ඒ අනුව 20 අඟහරුවාදා දින දක්වා කල් තබා තිබෙනවා.